Search

samiththanuja

නිදහසේ පියාපත්

සැලුන් බාස්…

220705-650-1453653890-puttingmakeupon

වලවල් වැසෙන්නට පොටි ගා…
වැලි කඩදාසියෙන් කපා…
සුමුදු මට සිලිටු බිත්තිමත හුණු ගා…
ලස්සන කරයි බිත්තිය….
බාසුන්නැහේලා…

සමිත් පතිරණ – නිදහසේ පියාපත්

Featured post

ඉපදී මියැදෙන තුරාවට

images

ඉපදී මියැදෙන තුරාවට
හමුවෙනා නොයෙකුත් දෙනා සමගින්
ගතකොට සියළු කාලය
සිතේ මවාගත් ආකල්ප සමුදාය
දිනෙක අතහැර දමාවී
නොකියාම සැරසී යන්නට
නවාතැනක්ම කොට මේ ජීවිතය
තවත් ජීවිතයකට නිශ්චිත නොවූ…..

සමිත් පතිරණ – නිදහසේ පියාපත්

 

Featured post

සින්ඩරෙල්ලා…

13626635_1146198182132665_1279243392811276936_n

ලෝකයක් තරම් බලාපොරොත්තු කන්දක්…
පොදි බැඳන් පුoචි හිත් පොඩියක…
සොයා යන අපූරුව ජීවිතය…
අහිoසක විලසින් බොහොම හෙමිහිට….
හේතු එමටයි ඇයට සිනාසෙන්නට… මොහොතින් මොහොත….

සරලයි කියා පෙනුනට…
ගැඹුරුයි ඇගේ හදවත…
ඒ ගැඹුරු හදවතේ පුoචිම තැනක…
ලොවෙන් සැඟවුණු එකම පැතුම….
“ආදරණීය කුමාරයා පැමිණෙයි දිනෙක රැගෙන යන්නට මා ඔහුගෙ තුරුළට….”

සමිත් පතිරණ – නිදහසේ පියාපත්

ආදරණීය ඩයනා…

13781828_1144350665650750_8008217531712821458_n

ආදරණීය ඩයනා…
වසන්තය එන්නෙ කවදාද….
හිඳිමි මා මග බලා….
අනන්තයට වුව යන්නෙම්….
ඔබේ රන් රුව සොයා….
පිපුණු මල් පෙති අරන්….
ඔය හිසේ ගවසලා….
දුර ඉඳන් හැඩ බලන්…
ඉන්න ආසයි සුදා….

සමිත් පතිරණ – නිදහසේ පියාපත්

ලෝකෙට පේන්න…

13718542_1144909595594857_8093135441688780905_n

ලියල විභාග තරඟෙට….
ගන්න ලකුණක් වඩා වැඩියෙන් අනිකට…
රටට සේවය කරන්න….?
නෑ….
අනිකාට වඩා ටිකක් හෝ උඩින් ඉන්නට…

කසාදයක් ගෙන ලොකුවට…
කියා හඳුනන හැමෝටම…
බෙදගන්නට සතුට…?
නෑ….
අනිත් හැමෝමත් කරන්නෙ එහෙම….

වාහනයක් අරගෙන හරි උජාරුවට…
යන්න රවුමක් ගමේ අයවත් දාගෙන…?
නෑ….
උන්ට ඉරිසියා හිතෙන්නට….

ඔන්න ඕකයි තත්වය….
සමාජේ ක්‍රමේ වැරැද්දට…
අහුවෙලා හැමෝම පෝලිමට….
යන්නේ බැඳි ගොනා…
වගේ ජීවිත කරත්තෙට…

සමිත් පතිරණ – නිදහසේ පියාපත්

පාර දිගේ….

එක එක පාටින්… එක එක ඇඳුමින්.. එකෙක් මහ ලොකුවට… තවෙකෙක් හරි පොඩියට… එක එක විදිහට… සැරසීගෙන අමාරුවට… උදේ ඉඳන් රෑ වෙනකන්… කාට පේන්නද.. මේ අරුමෝසම් ඔක්කොම… පට්…

Source: පාර දිගේ….

පාර දිගේ….

Placeholder Image

එක එක පාටින්…
එක එක ඇඳුමින්..
එකෙක් මහ ලොකුවට…
තවෙකෙක් හරි පොඩියට…
එක එක විදිහට…
සැරසීගෙන අමාරුවට…
උදේ ඉඳන් රෑ වෙනකන්…
කාට පේන්නද..
මේ අරුමෝසම් ඔක්කොම…
පට්ට විහිලුවක් වෙලාවකට….
පේනව යනකොට…
පාර දිගේ….

සමිත් පතිරණ – නිදහසේ පියාපත්

අපි නොදුටු අපේ ලෝකය

This is the real story behind our people

Source: අපි නොදුටු අපේ ලෝකය

ආදරයේ උරුමය

 

ආදරය ලබන්නා විරහවේ උරුමකරුවකු වේ
විරහව විඳින්නා ආදරය ලැබූවකු වේ
එකම කාසියේ දෙපැත්ත සේ
ආදරය පිටුපස විරහවත්
විරහව පිටුපස ආදරයත්
සැඟවී සිටී….
විරහවක් නැති ආදරයක්
ලැබූවකු වේ නම්
ඔහු සැබෑ ආදරවන්තයකුද නොවේ…
සමිත් පතිරණ – නිදහසේ පියාපත්

Blog at WordPress.com.

Up ↑